2010 ජනවාරි 30

ඉදිරි දැක්ම…

Posted in මහින්ද චින්තන ඉදිරි දැක්ම tagged , at ප.ව. 11:53 විසින් brightfuturesl

මා ඔබෙන් ලද
පළමු ජන වරමෙන්
ඔබ අපේක්ෂා කළ සාමය
මම ඔබට දිනා දුන්නෙමි…
එලෙස
කී දේ කළ, කළ දේ කී
පොදු ජන සේවකයෙකු වශයෙන්
ඔබේ මීළග අපේක්ෂාවන් ද
ඉටු කිරීම වෙනුවෙන්
මා සතු අධිෂ්ඨානය
“මහින්ද චින්තන ඉදිරි දැක්ම”
ලෙස…
මෙසේ සකස් කළෙමි….
අප සැම එක්ව
අපගේ රට
දියුණුවේ හිනිපෙත කරා
රැගෙන යමු!
මාගේ දේශයේ පැවිදි උතුමන්ට,
මව්වරුන්ට, පියවරුන්ට,
සොයුරු සොයුරියන්ට සහ දරුවන්ට
මම මෙය සෙනෙහසින් පිළිගන්වමි….

“මේ ගහ කොළ මේ මහ පොළොව ඔබගේය. එහෙත් ඒ සියල්ල ඔබගේ පමණක් නොව ඔබගේ මතු පරපුර වෙනුවෙන්ද රැකිය යුතුය. පාලකයා යනු ඔබේ අරුවන්ගේ උරුමයෙහි හිමිකරුවා නොව තාවකාලික භාරකරුවාය.”

උපුටා ගැනීම
මහින්ද චින්තන ඉදිරි දැක්ම – 2010

ජනාධිපතිවරණය දැන් අවසන්ය. ඔබ මා අතුලු රටේ සමස්ථ ජනතාව රටේ පාලකයා ලෙස මහින්ද රාජපක්ෂ මැතිතුමාව තෝරා පත් කරගෙන ඇත. අප ඉල්ලා සිටියේත් එයයි. මෙම බ්ලොග් අඩවියෙන්ද ඔබ වෙත රැගෙන අවේ එම පණිවිඩයයි. අපි දිනුවෙමු. දැන් උදාවී ඇත්තේ රට දිනවන කාලයයි. මේ යන්නේ රට දිනවන ගමනයි. ඒ ගමනත් අපි එකට යමු. රට දිනවීම සදහා අපි ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කළෙමු. එය නමින් “මහින්ද චින්තන ඉදිරි දැක්ම” විය. දැන් එය කියැවීමට කාලයයි. අපේ රට දිනවීම සදහා අපේ ජනාධිපතිතුමා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය මෙසේ අපි කියවමු. මේ ඇරඹෙන්නේ ඒ “මහින්ද චින්තන ඉදිරි දැක්ම” කියැවීමයි.

ජනපති යළිත් ජනපති කළ ඔබ සැමට ස්තූතියි…

ඔබට සුබ අනාගතයක්…

Advertisements

2010 ජනවාරි 24

විදුලිය…

Posted in සැමට විදුලිය tagged , , , , , , at ප.ව. 7:05 විසින් brightfuturesl

ලෝක වෙළදපොළේ වැඩිවන ඉන්ධන මිලෙහි බරින් අපේ දිළිදු ජනතාව හා රටේ ආර්ථිකය මුදාගැනීමත් බලශක්ති සැපයුම රට තුළ ඉල්ලුමට සරිළන මට්ටමට ඉහළ  නැංවීමත් මගේ ප්‍රධාන ඉලක්කයන් වනු ඇත.
දේශයේ බලශක්ති සුරක්ෂිතතාවට සහ බලශක්ති සංරක්ෂණයට ඉහළ ප්‍රමුඛතාවක් ලබා දෙනු ඇත.
ජනතාවගේ සමාජ ගැටලු, පාරිසරික බලපෑම් ආදී සියල්ල සැලකිල්ලට ගෙන ගල් අගුරු ඇතුලු තාප විදුලි බලාගාරද, ජල විදුලි බලාගාරද, විදුලිබල මණ්ඩලයේ ජනක සැලසුම්වලට අනුකූලව කඩිනමින් ඉදි කරමි.
විදුලිබල මණ්ඩලය පුද්ගලීකරණය නොකරමි. සේවක කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සදහා වෘත්තීය සමිති ඇතුලු සියලු පාර්ශවයන්ගේ එකගත්වය සහිතව නව කළමනාකරණ ක්‍රමවේදයන් හදුන්වා දෙන්නෙමි.

උපුටා ගැනීම
මහින්ද චින්තන 2005

රටක දියුණුව මනිනා තවත් ප්‍රධාන කරුණක් වන්නේ එහි සමස්ථ ජනගහනයෙන් කොපමණ පිරිසකට විදුලිබලය තිබේද යන්නයි. කාර්මීකරණය වී අද මුලු ලොවම විශ්ව ගම්මානයක් වී ඇති මොහොතේ විදුලිය නොමැති රටක් දියුණුව කරා ඇදෙන්නේ ඉබි ගමනිනි. 2005 වසර වනවිට අප රටේ විදුලිය පරිභෝජනය කරනා සංඛ්‍යාව රටේ ජනගහනයෙන් දසලක්ෂ 3.39 කි. 2009 වසර වනවිට එය රටේ ජනගහනයෙන් දසලක්ෂ 4.43ක් දක්වා ඉහළ දැමීමට හැකිවිය. එමෙන්ම 2005දී රටේ සමස්ථ විදුලි ධාරිතාව වූ මෙගා වොට් 2409 වෙනුවට 2009 දී අප රටේ සමස්ථ විදුලි ධාරිතාව මෙගා වොට් 2,690ක් දක්වා ඉහළ නැංවීමට හැකිවිය. තවද 2005 වසරේ 76.7% වූ විදුලිබල පහසුකම් සහිය මුලු නිවෙස් ප්‍රමාණය 2009 වසර වනවිට 84% දක්වා වැඩිකර ඇත. එපමණක්ද නොව ඉහළ යන විදුලිබල ඉල්ලුම සපුරාලමින් අඛණ්ඩ විදුලිබල සැපයුමක් සහතික කරනු පිණිස බලශක්ති උත්පාදන හා බෙදාහැරීමේ කටයුතු වෙනුවෙන් මහා පරිමාන විදුලි ව්‍යාපෘති රැසක් පසුගිය සිව් වසර තුළ ආරම්භ කර තිබේ. මේ උත්සාහය ඒ පිළිබද කරුණු ඔබ හමුවට ගෙන ඒමටය.

තාප විදුලි බලාගාර

කෙරවළපිටිය තාප විදුලි බලාගාරය

මෙම විදුලි බලාගාරය මගින් මෙගා වොට් 300ක ප්‍රමාණයක් ජාතික පද්ධතියට අලුතින් එක්වනු ඇත. වාර්ෂිකව මෙගා වොට් 200කින් ඉහළ යන ජාතික විදුලිබල ඉල්ලුම මේ මගින් ස්ථාවරව තබාගත හැක. මෙමගින් ජනිතවන විදුලියෙන් දැනට අප එක් විදුලි ඒකකයක් වෙනුවෙන් ගෙවනා මිලද පහළ යයි. එපමණක්ද නොව මෙම විදුලි බලාගාරය හේතුවෙන් කෙරවළපිටිය හා ඒ ආශ්‍රිත ප්‍රදේශ තව තවත් සංවර්ධනය වනු ඇත. මෙම විදුලි බලාගාරය නිමවීම සදහා ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් මිලියන 90ක් සහ විදේශ ආධාර රුපියල් මිලියන 34117ක් වැයවී ඇත.

ගල් අගුරු බලාගාර

නෝරච්චෝලේ ගල් අගුරු බලාගාරය

මෙය අප රටේ ඉදිකරනු ලැබූ පළමු ගල් අගුරු බලයෙන් විදුලිය නිපදවන විදුලි බලාගාරයයි. අනාදිමත් කලක සිට මෙම ගල් අගුරු බලාගාරය ඉදිකිරිමට යෝජිත වුවත් විවිධ හේතූන් මත එය ඉදි නොවීය.නමුත් මහින්ද වින්තනයෙන් එය තවත් එක පොරොන්දුවක් හෝ යෝජනාවලියක් නොවී සැබෑවූ යථාර්තයක්ම විය. අදියර 3ක් යටතේ ඉදිවන නෝරච්චෝලේ ගල් අගුරු බලාගාරයේ පළමු අදියර 2010 වසරේදී නිමා වීමට නියමිතය. මෙම විදුලි ව්‍යාපෘතිය පහත පරිදි වේ.

ගල් අගුරු බලාගාරය ඉදිකිරීම
ගල් අගුරු සැපයුම පාලනය කිරීමට විධිවිධාන යෙදීම.
නෝරච්චෝලේ සිට වේයන්ගොඩ දක්වා විදුලි සම්ප්‍රේෂණ මාර්ගයක් ඉදිකිරීම.
මාර්ග සංවර්ධනය කිරීම.
එම ප්‍රදේශයේ නිවාස සහ නගර සැළසුම්කරණය කිරීම.

මින් පළමු අදියර යටතේ මෙගා වොට් 300ක ධාරිතාවයක් ජාතික පද්ධතියට සපයන ගල් අගුරු බලාගාරය ඉදිකිරීම සිදුකරයි. දෙවන හා තෙවන අදියරවලින් එම විදුලි සැපයුම මෙගා වොට් 300 සිට මෙගා වොට් 900 දක්වා වැඩිකිරීම සිදුවේ. මේ මගින් රටේ සමස්ථ බලශක්ති අවශ්‍යතාවයට දැවැන්ත දායකත්වයක් සැපයෙනු ඇත. වැදගත්ම කරුණ නම් මෙහිදී බලශක්තිය නිපදවීම සදහා යොදාගනු ලබන ප්‍රභවයයි. ඒ ගල් අගුරු යි. ගල් අගුරු භාවිතයෙන් නිපදවන විදුලි ඒකකයක් සදහා වැයවන මුදල ඩීසල් හෝ වෙනත් ඉන්ධන භාවිතයෙන් විදුලි ඒකකයක් නිපදවීමට වැයවන මුදලට වඩා ඉතා අඩුය. මේ හේතුවෙන් ඛණිජ තෙල් ආනයනය සදහා වැයවන මුදල බෙහෙවින් අවම වනු නියතය. එමෙන්ම මෙවැනි අඩු වියදම් විදුලිය නිපදවීම් හේතුවෙන් ඉදිරි වසර 5 තුළදී විදුලි ඒකකයක් සදහා ගෙවීමට වන මුදල බෙහෙවින් අඩු වනු ඇත. එමෙන්ම මෙම ව්‍යාපෘතිය හේතුවෙන් ඇතිවෙන සෘජු හා වක්‍ර රැකියා ප්‍රමාණයද දහස් ගණනකි. මෙම ගල් අගුරු විදුලි බලාගාර ව්‍යාපෘතිය චීන ආධාර යටතේ සිදු වේ. ඒ සදහා යන මුලු වියදම රුපියල් මිලියන 58,515කි.
වීන ආධාර (Exim Bank of China) – රුපියල් මිලියන 50,500
ශ්‍රී ලංකා රජය – රුපියල් මිලියන 1500 (නමුත් 2008 අත වැය මගින් එය රුපියල් මිලියන 8456 දක්වා ඉහළ දැමීය)

ත්රිකුණාමලය ගල් අගුරු බලාගාරය

“නැගෙනහිර නවෝදය” යටතේ ත්රිකුණාමලය වරාය නගරයෙහි ඉදිවන මෙම ගල් අගුරු බලාගාරය මගින් ජාතික බලශක්ති පද්ධතියට මෙගා වොට් 500ක් එක්කිරීමට නියමිතය. ත්රිකුණාමල දිස්ත්රික්කය තුළ මෙලෙස අඩු වියදමින් විදුලිය නිපදවීම මගින් එහි ප්‍රතිලාභ සෘජුවම එහි වැසියන්ට ලබා දීමෙන් හා එමගින් රටේ ප්‍රධාන් ආර්ථික කලාප 3න් එකක් බවට ත්රිකුණාමලය ආර්ථික කලාපය පත්කිරීම රජයේ අභිලාශයයි. රුපියල් මිලියන 60,000ක වියදමෙන් ඉදිවෙන මෙම ගල් අගුරු බලාගාරය ශ්‍රී ලංකා රජයේ සහ ඉන්දියානු රජයේ සම දායකත්වයෙන් යුත් ව්‍යාපෘතියකි.

ජල විදුලි බලාගාර

ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය

බොහෝ කලක සිට මෙම ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය ඉදිකිරිමට යෝජිත වුවත් විවිධ හේතූන් මත විවිධ රජයන් මගින් එය ඉදි කිරීම පමා කරණ ලදී.නමුත් එම සියලු බාධක පසෙකලා මහින්ද වින්තනයෙන් ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය ඉදිකිරීම ඇරඹීය. එය මහින්ද චින්තනයෙහි සදහන් වූ තවත් එක පොරොන්දුවක් හෝ යෝජනාවලියක් නොවී සැබෑවූ යථාර්තයක්ම විය. මෙම බලාගාරය මගින් මෙගා වොට් 150ක ධාරිතාවයක් ජාතික පද්ධතියට සැපයීමට බලාපොරොත්තු වේ. එමෙන්ම අනාගතයේදී මෙම බලාගාරය මගින් ගිගා වොට් 409ක ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කිරීමට යෝජිතය. එමගින් අනාගත බලශක්ති අවශ්‍යතාවන් සපුරා ගැනීමට හැකිවනු ඇත. මෙම විදුලි බලාගාර ව්‍යාපෘතිය මගින් එම ප්‍රදේශයේ සමාජ ආර්ථික තත්වය වඩාත් ඉහළ නංවන අතර බලාගාරය ඉදිකිරීමේ හා එහි ක්‍රියාවලීන් මගින් පුහුණු හා නුපුහුණු ශ්‍රමිකයින් විශාල සංඛ්‍යාවකට රැකියා අවස්තාද උදා කරදී ඇත.

මෙපමණක්ද නොව අප රටේ අතීතයේ ඉදිවූ නව ලක්ෂපාන, උකුවෙල සහ විමලසුරේන්ද්ර යන විදුලි බලාගාර සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර මෙගා වොට් 215ක අතිරේක ධාරිතාවක් ජාතික පද්ධතියට සැපයීමට හැකිවිය.
තවද විදුලිය නිපදවීම පමණක් නොව විදුලිය බෙදාහැරීමද වැඩි දියුණු කරමින් කෙරවළපිටිය, කොටුගොඩ, ගාල්ල, කොළඹ, කිලිනොච්චිය සහ වව්නියාව ආදී වූ ප්‍රදේශයන්හි නව විදුලි බෙදාහැරීමේ මධ්‍යස්ථාන ඉදි විය. මෙම විදුලි බෙදාහැරීමේ මධ්‍යස්ථාන ඉදිකිරීම සදහා රුපියල් මිලියන 80,887කට අධික මුදලක් වැයකර ඇත.
මීට අමතරව පසුගිය සිව් වසර තුළ ගම නැගුම, රජරට නවෝදය, නැගෙනහිර නවෝදය ඇතුලු ග්‍රාමීය විදුලි බල සංවර්ධන වැඩසටහන් රැසක් යටතේ ක්‍රියාත්මක වූ විදුලි බල යෝජනා ක්‍රම සංඛ්‍යාව 7,600කි. එමෙන්ම සූර්ය කෝෂ භාවිත විදුලි යෝජනා ක්‍රම ආරම්භ කළ අතර සූර්ය කෝෂ භාවිතයෙන් නිවාස 115,000කට විදුලිය ලබා දීමට හැකිවිය.

මේ සියල්ල අදුර දුරලන මුලු රටම ආලෝකමත් කරනා ව්‍යාපෘතීන් ය.

මෙතරම් සේවයක් තම රට වෙනුවෙන් කළ ඒ අසහාය නායකයා හැර වෙන කිසිවෙක් නායකත්වය සදහා තෝරා ගැනීමට ඔබට හැකිද? පිළිතුර බුද්ධිමත් ඔබ සතුය…

ජනපති යළිත් ජනපති…

ඔබට සුබ අනාගතයක්…


2010 ජනවාරි 23

මගේ මව්බිම…

Posted in මහින්ද චින්තන tagged at ප.ව. 2:06 විසින් brightfuturesl

මගේ මව්බිම

දැන් යුධ බියෙන් නිදහස් !

ඊළගට අපි

ගොඩනගමු රට

සැමට ජීවන මගක්

සැමට නිවහනක්

ජලය, විදුලිය මංමාවත් ආදී

සියලු පහසුකම් සහිත

ඵලදායී අධ්‍යාපනයක්

සහ

නිරෝගී බවින් යුතු

යහපත් පවුල් වලින් සැදුණු

සදාචාරයේ, යුක්තියේ

සශ්‍රීකත්වයේ දේශයක්

අපි ගොඩනගමු මතු පරපුරට

ජනතාවගේම පාලනයකට මග පාදමු

බිය සැක නැති මව්බිමක

ඔබ සැමට ගෙනෙමු අපි

ජය සතුට පිරි සුබ අනාගතයක් !

ජනපති යළිත් ජනපති…


2010 ජනවාරි 22

මග නැගුම සහ උමං මාර්ග

Posted in රට යා කළ - නව මාවත් tagged , , , at ප.ව. 10:55 විසින් brightfuturesl

මහින්ද චින්තන යටතේ අප රටේ මහා මාර්ග පද්ධතිය දියුණු කිරීම සම්බන්ධව ලියැවෙන අවසාන සටහනයි මේ.  ග්‍රාමීය මාර්ග සංවර්ධනය සහ උමං මාර්ග ඉදිකිරීම පිළිබදව මෙයින් විමසා බලමු.

ග්‍රාමීය මාර්ග සංවර්ධනය

2005 දී මහින්ද චින්තනයෙන් පොරොන්දු වූ පරිදිම  ග්‍රාමීය මාර්ග ඇතුලුව මාර්ග පද්ධතියේ නව සංවර්ධනයක් ඇති කිරීමට  මග නැගුම  සංකල්පය බිහි විය. මග නැගුම තුළින් ග්‍රාමීය මාර්ග විශාල සංඛ්‍යාවක් සංවර්ධනය කෙරිණ. නව මාවත් ඉදි කිරීම, කාපට් කිරීම, අබලන් මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම මේ මගින් සිදුවිය. එමෙන්ම මාර්ග පද්ධති වඩාත් ඵලදායී ලෙස සහ ගුණාත්මක ලෙස ප්‍රතිසංස්කරණය කිරීම සදහා කොන්ක්‍රීට් ඇතිරීම සිදු කෙරිණ. තවද සුනාමියෙන් විනාශ වූ සියලු මාර්ග යළි ඉදිකළ අතර “උතුරු වසන්තය” සහ “නැගෙනහිර නවෝදය” ව්‍යාපෘති මගින් උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි මාර්ග සංවර්ධනය වඩාත් පුලුල් විය. මෙහි ඇති විශේෂිතම කරුණ වන්නේ අප රටේ  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සියල්ල ආවරණය  වන පරදි කොන්ක්‍රීට් මාර්ග ඉදි කිරීම ය.

ග්‍රාමීය මාර්ග දියුණුකිරීමෙහිලා මෙතරම් සේවයක් කළ රජයක් පෙර ඉතිහාසයේ වීද? පිළිතුර බුද්ධිමත් ඔබ සතුය.

උමං මාර්ග

රම්බොඩ උමං මාර්ගය

අප රටේ මාර්ග පද්ධති සංවර්ධනයේ නව මානයක් විවර කරමින් උමං මාර්ග ඉදිකිරීමද සිදුවිය. මෙයින් ප්‍රධානතම යඋමං මාර්ගය වන්නේ ගම්පොළ- නුවරඑළිය මාර්ගයේ පිහිටා ඇති රම්බොඩ උමග යි. මීටර 225ක දිගකින් සහ මීටර් 7ක පළලකින් යුතු  මෙය මංතීරු 2කින් සමන්විතය. රම්බොඩ උමග අප රටේ දිගින් වැඩිම උමං මාර්ගයයි. මෙම උමං මාර්ගය හේතුවෙන් ගම්පොළ- නුවරඑළිය මාර්ගයේ සුන්දරත්වයද තවත් ඉහළ ගොස් ඇත.

කඩවත උමං මාර්ගය

මීට අමතරව කඩවත උමං මාර්ගය දැන් ඉදිවෙමින් පවතී. එහි ඉදිකිරීම් තව කෙටි කලකින් අවසන් වීමට නියමිතය.

වසර 4ක් තරම් කෙටි කාලයක් තුළ සමස්ථ දේශයේම මාර්ග පද්ධතියේ දියුණුව සදහා මෙතරම් සේවයක් කළ රජයක් මීට පෙර වීද? පිළිතුර බුද්ධිමත් ඔබ සතුය.

මෙවන් සේවයක් රට වෙනුවෙන් කළ ඒ අසහාය නායකයාව යළිත් ජනපති කරමු.

ජනපති යළිත් ජනපති…

ඔබට සුබ අනාගතයක්…

පාලම් – ගුවන් පාලම්

Posted in රට යා කළ - නව මාවත් tagged , , , , , , at ප.ව. 1:40 විසින් brightfuturesl

දියුණු වන රටක් සදහා දියුණු මාර්ග පද්ධතියක් අවශ්‍යම වග අප මීට පෙර ලිපියෙන් සාකච්ඡා කළෙමු. මෙම ලිපිය සදහා වන ප්‍රවේශය එතැනින්ම ලබාගනිමි. අප රටේ ප්‍රධාන ගංගාවන් 33ක් ඇති අතර මහා මාර්ග හරහා ඇදුන ඇළ දොළ ප්‍රමාණය විශාල ගණනකි. ඒ ගංගා ඇළ දොළ හරහා ඉදිවුන පාලම් විශාල ප්‍රමාණයකි. මහා මාර්ග පද්ධතිය දියුණු කළාසේම ඊට අනුරූපව පාලම් පද්ධතියේද සීග්‍ර දියුණුවක් ඇතිකිරීමට මහින්ද චින්තනය තුළින් හැකිවිය. ඒ කතාව දැන් විමසා බලමු.

සිව් කොණ යා කළ පාලම්

කින්නියා පාලම.


ත්රිකුණාමල දිස්ත්රික්කයේ රුපියල් මිලියන 789ක වියදමෙන් ඉදිකරනු ලැබූ අප රටේ දිගින් වැඩිම පාලම වන කින්නියා පාලමෙහි වැඩ කටයුතු සාර්ථකව නිමකර පසුගිය වසරේදී ජනතා අයිතියට පත්කිරීමට හැකිවිය. කින්නියා කළපුව හරහා ඉදිකර ඇති මේ පාලම මතින් දිනකට මගීන් 10,000කට අධික පිරිසක් ත්රිකුණාමලය සහ කින්නියා අතර තම ප්‍රවාහන අවශ්‍යතා ඉටුකරගනී. මීට පෙර ඔවුන් එම අවශ්‍යතා ඉටු කරගත්තේ පාලම් පාරුව මගිනි. පාලම් පාරුවක ඇති දුශ්කරතාව ඔබට අමුතුවෙන් ප්‍රකාශ කළයුතු නැත. දිගින් මීටර්  398ක්වන මෙම පාලමේ පළල මීටර 10කි. එමෙන්ම එහි පදිකයන් සදහා මීටර 1.5ක් පළලින් යුතු පදික තීරු දෙකකින්ද යුක්තය. මෙම පාළම සදහා වූ වියදම රුපියල් මිලියන 790ක් වූ අතර එය සව්දි අරාබි ආධාර මත ඉදි විය.

ඉරක්කන්ඩි පාලම

ත්රිකුණාමලය සහ පුල්මුඩේ යා කර ඉදිකළ ඉරක්කන්ඩි පාලමද මහින්ද චින්තනය මගින් පොරොන්දු වූ පරදි පාලම් පද්ධතිය දියුණු කිරීම සදහා ඉදිකළ පාලමකි. 2004 වසරේදී අප රට වෙළාගත් සුනාමි ව්‍යසනයෙන් ඉරක්කන්ඩිහි පෙර පැවැති පාලම විනාශ වූ අතර එම විනාශ වූ පාලම වෙනුවට දිගින් මීටර 300ක සහ පළලින් මීටර 7ක්වූ මෙම පාලම ඉදිවිය. මෙම පාලමෙහිද පදිකයින් සදහා මීටර 1.5ක පළලින් යුතු පදික තීරු වේ. මෙහි ඉදිකිරීම් වියදම රුපියල් මිලියන 713කි.

ආරුගම්බේ පාලම

2004 සුනාමි ව්‍යසනයෙන් මුලුමනින්ම විනාශ වූ ආරුගම්බේ පාලම යළි ඉදිකෙරිණ. පොතුවිල්, ආරුගම්බේ සහ පානම යාකරමින් ඉදිකළ මෙම මහා පාළම “නැගෙනහිර නවෝදයේ” තවත් වැදගත් සංධිස්ථානයක් වේ.  පැරනි පාලමට සමාන්තරව දිවෙන මෙම නව පාලම දිගින් මීටර 185 වන අතර මෙහි වියදම ඇමරිකානු ඩොලර් මිලියන 10කි. දිනකට පුද්ගලයින් 5000ක් සහ රථ වාහන 1400කට වැඩි ගණනක් මේ මතින් ගමන් කරයි.  මෙම පාලම මගින් ප්‍රදේශයේ ධීවර, කෘෂි සහ අනෙකුත් ක්ෂේත්රයන්හි රැකියාවන්හි නියුක්තවූවන් හට අත්වන ප්‍රතිලාභ ඉමහත්ය. USAID ආධාර මහින් මෙම පාලම ඉදිකෙරින.

ගුවන් පාලම්

රථ වාහන තදබදය හේතුවෙන් අප කීදෙනෙක්නම් අපගේ වටිනා කාලය, ධනය හා ශ්‍රමය මහමග දියකර හරින්නට ඇත්ද? එම  රථ වාහන තදබදය නිමකිරීම සදහා  අප රටට දැඩි අවශ්‍යතාවයක්ව පැවති ගුවන් පාලම් ඉදිකිරීමට හා එම ඉදිකිරීම් නිමකර ඒවා ජනතා අයිතියට පත්කිරීමට මෙම රජයට හැකිවිය. මෙමගින් රටට ඉතිරිවන සම්පත් ප්‍රමාණය කෙතරම්ද? ඒ ඉදිවූ ගුවන් පාලම් ගැන දැන් කතා කරමු.

කැළණිය ගුවන් පාලම

අතීතයේදී දිනකට පැය 8ක පමණ කාලයක් දුම්රිය ගමනාගමනය හේතුවෙන් කොළඹ-නුවර මහා මාර්ගය වසා තැබින. මේ හේතුවෙන් එම මාඅර්ගයේ ඇතිවූ රථ වාහන තදබදයට ඔබද මුහුණ දී ඇතිබ නිසැකය. එම දැවැන්ත රථ වාහන තදබදයට ස්ථිර පිළියමක් ලෙස මෙම ගුවන් පාලම දැක්විය හැක. කොළඹ-නුවර මහා මාර්ගයේ පෑලියගොඩ දුම්රිය හරස් මාර්ගය මතින් ඉදිකළ කැළණිය ගුවන්පාලම දින 60ක් තුළදී ඉදිකර නිමාකරනු ලැබුවේ ලෝක වාර්තාවක්ද පිහිටුවමිනි.  දිගින් මීටර 325ක් සහ මංතීරු 4කින් යුතු කැළණිය ගුවන් පාලම අප රටේ ප්‍රථම පෙරනිමි ගුවන් පාලමයි.   මෙම ව්‍යාපෘතිය හේතුවෙන් රටට ඉතිරි වූ සම්පත් ප්‍රමාණය කෙතරම්ද?

දෙහිවල ගුවන් පාලම

ගාලු පාරේ දෙහිවල මංසන්ධියේ පවතින රථ වාහන තදබදයට පිළියමක් ලෙස මෙම ගුවන් පාලම ඉදිකෙරිණ. පාසැල් ආරම්භ වන සහ අවසාන වන වේලාවෙදී සහ කාර්යාලීය වේලාවන්හීදී දෙහිවල ඇතිවෙන රථ වාහන තදබදය මෙමගින් මග හැරේ. කොළඹ, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, පානදුර මොරටුව යන තදාසන්න ප්‍රදේශයන්හි සහ ගාල්ල, මාතර බලා දිවෙන රථ වාහන සදහාද  දැන් තදබදයකින් තොරව ගමන් කලහැකි තත්වයක් උදාවී ඇත. මීටර් 337ක දිගකින් සහ මීටර් 7.35ක පළලකින් යුතු මෙම ගුවන් පාලම මංතීරු 2කින් සමන්විතය. මෙම පාලම සදහා වැයවූ මුදල රුපියල් මිලියන 920කි.

නුගේගොඩ ගුවන් පාලම

මීටර් 261ක දිගකින් යුත් සහ මීටර් 8.5ක පළලකින් යුත් නුගේගොඩ ගුවන් පාලම මංතීරු 2කින් සමන්විතය. එමෙන්ම එය මංතීරු4ක් දක්වා පුලුල් කිරීමට යෝජිතය. මෙම ගුවන් පාලමේ මුලු වියදම රුපියල් මිලියන 878ක් වන අතර එය බ්‍රිතාන්‍ය ආධාර මත ලැබින.  මෙම ගුවන් පාලම මගින් හයිලෙවල් මාර්ගයේ නුගේගොඩ මංසන්ධියේ පවතින රථ වාහන තදබදයට පිළියම් ලැබී තිබේ. අප රටේ අතිශය කාර්ය බහුල මහා මාර්ගයක් ලෙස සැලකෙන හයිලෙවල් මාර්ගයේ ඉදිකරන ලද මෙම ගුවන් පාලම මගින් එම ප්‍රදේශයන්ට සහ පොදුවේ ගත්ල සමස්ථ දේශයටම අත්කරදී ඇති ප්‍රතිලාභ කෙතරම්ද?

මෙවන් සේවයක් රට වෙනුවෙන් කළ අසහාය නායකයාව  යළිත් ජනපති කරමු.

ජනපති යළිත් ජනපති…

ඔබට සුබ අනාගතයක්….

දියුණු වූ මාර්ග පද්ධතිය…

Posted in රට යා කළ - නව මාවත් tagged , , , , at පෙ.ව. 4:15 විසින් brightfuturesl

රටක දියුණුව සදහා දියුණු මාර්ග පද්ධතියක් ඇවැසිමය. යහපත් මාර්ග පද්ධතියක් යනු රටේ දියුණුව මනිනා එක් සාධකයකි. මහින්ද චින්තනය මගින් රටේ මාර්ග පද්ධතිය වෙනුවෙන් කළ කී දෑ මෙයින් විමසා බලමු.

කාලයත් මුදලත් ඉතිරි කර, ගමත් නගරයත් සම්බන්ධ කිරීමෙන් රටේ සීග්‍ර දියුණුවක් ඇති කිරීම මෙම මාර්ග සංවර්ධනයේ අරමුණයි.

මහින්ද චින්තන 2005

මේ යටතේ ජාතික මාර්ග, නව පාලම්, පළාත් මාර්ග, උමං මාර්ග, අන්තර් පළාත් මාර්ග සහ මග නැගුම යටතේ සමස්ත රට පුරාම පුලුල් ලෙස විහිදී ගිය මාර්ග පද්ධතියක් ඇතිකිරීමෙහිලා කටයුතු කෙරින.

2005 වසර වනවිට මෙරට මාර්ග පද්ධතිය පහළ තත්වයක පැවතුන බව ඔබ අප කවුරුත් දන්නා කරුණකි. රටේ ඉන්ධන දහනයෙන් 33%ක්ම සිදුවූයේ මාර්ග හා ප්‍රවාහන පද්ධතියේ තිබූ අඩුපාඩු හේතුවෙනි. සැබවින්ම අප කී දෙනෙක්නම්  මාර්ග පද්ධතියේ දුර්වලතා හේතුවෙන් අපගේ වටිනා කාලය මහ මග දියකර හරින්නට ඇත්ද?

2005 වසරේ මාර්ග සංවර්ධනය වෙනුවෙන් වෙන්කළ රුපියල් දසලක්ෂ 19,000ක් වූ මුදල 2009 වසර වනවිට රුපියල් දසලක්ෂ 75,126ක් දක්වා වැඩිකිරීමට හැකිවිය. මග නැගුම වැඩපිළිවෙලට අනුව ග්‍රාමීය මාර්ග පද්ධතිය ක්‍රමවත්ව දියුණු කළ අතර ගමත් නගරයත් යාකරමින් බිහිවෙන සුවිෙශ්ෂී අධිවේගී මාර්ග කීපයකම ඉදිකිරීම කඩිනම් කෙරිනි. එපමණක්ද නොව 2008දී ජාතික මංමාවත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවෙන් සම්මත කර පොදු ප්‍රවාහන සේවාව ක්‍රමවත් හා ශක්තිමත් කිරීමට කටයුතු කෙරින.

ජාතික මාර්ග

දක්ෂිණ අධිවේගී මාර්ගය

මෙතෙක් අප රටට සිහිනයක්ව පැවති අධිවේගී මාර්ග ඉදිකිරීම කඩිනම් කෙරිනි. මින් ප්‍රධානම වන්නේ දක්ෂිණ අධිවේගී මාර්ගයයි. දැවැන්ත මුදල් ප්‍රමාණයක් වැයකර අතරමග නවතා තිබූ මෙය යළිත් ඉදිකිරීමට පටන්ගති. කිමී128ක් දිග මෙම මාර්ගය කොට්ටාවේ සිට මාතර දක්වා මංතීරු 4ක් ලෙස ඉදිවේ. කොට්ටාව, කහතුඩුව, ගලනිගම, දොඩන්ගොඩ, වැලිපැන්න, කුරුදුගහ හැතැක්ම, බද්දේගම, පින්නදූව, දීගොඩ, කොක්මඩුව සහ ගොඩගම යන නගරවලදී මෙම මාර්ගයට අනුබද්ධදව ගුවන් පාළම්ද ඉදිවේ. මේ මාර්ගය මගින් කොළඔ සිට මාතර දක්වා ගමන් කිරීමට ගතවන කාලය අඩකින් අඩුකරගත හැකිය. එමෙන්ම කොළඔ, කලුතර, අලුත්ගම, ගාල්ල සහ මාතර යන නගරයන්හී පවතින අධික රථවාහන තදබදයටද මෙයින් විසදුම් ලැබේ. තවද මෙම මාර්ගය කොළඔ, ගාල්ල සහ හම්බන්තොට වරායන් සමග සම්බන්ධ වන අතර එමගින් අත්වෙන ආර්ථික ප්‍රතිලාභ විශාල ය.

මෙම අධිවේගී මාර්ගය ශ්‍රී ලංකා රජය, ආසියානු සංවර්ධන බැංකුව සහ අන්තර්ජාතික සහතෝගිතාව පිළිබද ජපාන බැංකුව (Japan Bank for International Cooperation (JBIC)) හි සහයෝගීත්වයෙන් ඉදිකරයි.

ශ්‍රී ලංකා රජය – රුපියල් මිලියන 20,158                                             ADB සහ JBIC – රුපියල් මිලියන 47,037

කොළඔ-කටුනායක අධිවේගී මාර්ගය

කොළඔ-කටුනායක අධිවේගී මාර්ගයද මේ වනවිට ඉදිවෙමින් පවතී. කොළඔ සිට කටුනායක අන්තර්ජාතික ගුවන්  තොටුපොළ දක්වා දිවෙන කිමී 25ක් දිගැති මෙම අධිවේගී මාර්ගය මංතීරු 4කින් සමන්විත වේ. මෙමගින් කොළඔ සිට කටුනායක දක්වා ගමන් කිරීමට දැනට ගතවන මිනිත්තු 90ක කාලය මිනිත්තු 30ක් දක්වා අඩු කරගැනීමට හැකිවේ. මෙම මාර්ගය මගින්  කටුනායක අන්තර්ජාතික ගුවන්  තොටුපොළ, කොළඔ වරාය සහ කොළඔ පිටත වටරවුම් මාර්ගය සම්බන්ධ වන බැවින් ජාතය්‍යන්තර වෙළද කටයුතු කෙරෙහි ඉමහත් පහසුවක් ඇතිවේ. සංචාරක ව්‍යාපාරය කෙරෙහි මින් ඇතිවන බලපෑම විශාලය.

කොළඔ පිටත වටරවුම් මාර්ගය

කෙරවළපිටිය සිට කොට්ටාව දක්වා දිවෙන කිමී 28ක් දිගැති මෙම මාර්ගයද මංතීරු 4කින් සමන්විතය. දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඔ-කටුනායක අධිවේගී මාර්ගය සහ කොළඔ – නුවර අධිවේගී මාර්ගය යන මෙම අධිවේගී මාර්ග 3ටම මෙම පිටත වටරවුම් මාර්ගය සම්බන්ධ වේ. කොළඔ සහ තදාසන්න ප්‍රදේශයන්හි පවතින අධික රථවාහන තදබදයට මෙය පැහැදිළි පිළිතුරකි. විශේෂයෙන්ම මෙම මාර්ගය හේතුවෙන් කඩුවෙල සහ කඩවත යන ප්‍රදේශයන්හි විශාල ආර්ථික සංවර්ධනයක් ඇතිවෙනබවනම් සහතිකය.

මේ සිව් වසරක තම ධූර කාලයේදී මහින්ද රාජපක්ෂ ජනපතිතුමන් ඉටුකළ සේවයෙන් බිදක් පමණි. රටේ මාර්ග පද්ධතිය දියුණු කිරීමට මෙතරම් ක්‍රියා කළ ජන නායකයෙක් තවත් සිටීද? එයට පිළිතුර බුද්ධිමත් ඔබ සතුය.

ඔබට සුබ අනාගතයක්…

2010 ජනවාරි 20

මව්බිමට සුබ අනාගතයක්…

Posted in මහින්ද චින්තන tagged , at ප.ව. 7:36 විසින් brightfuturesl

ඔබ සැමගේ සිතිවිලි කැටිකොට
මිනිසා ගොඩනගා පවුල රකින්නටත්
පවුල ගොඩනගා ගම රකින්නටත්
ගම ගොඩනගා රට රකින්නටත්
රට ගොඩනගා ලොව දිනන්නටත්
“මහින්ද චින්තන” නම් වූ
වැඩ පිළිවෙල ඉදිරිපත්  කළෙමි…

මගේ සිහිනය නිවහල් ජාතියකි
නිල්ල පැතිරුණු රටකි
අටුකොටු පිරුණු හෙටකි
දැහැමි මිනිසෙකි…

සිංහල දමිළ මුස්ලිම් බර්ගර්
ලක්මවගේ සියලු දරුවන්
අපේක්ෂා දැල්වුණු දෑසින්
අප දෙස බලා සිටින බව
මම දනිමි…

ඒ අපේක්ෂාව
යථාර්තයක් බවට පත්කළ හැක
ඒ විශ්වාසය මා සතුව තිබේ

නිසැකවම මම එය ඉටු කරන්නෙමි….
අභියෝගයන්ට  ආදරය කරමු !!!
ලක්මවට
සුබ අනාගතයක් තිළින කිරීමට
අපි සැවොම එක්ව පියනගමු !!!

උපුටා ගැනීම
මහින්ද චින්තන,  2005 ඔක්තෝම්බර්.

මේ දිගහැරෙන්නේ ඒ සිව් වසරක ඉතිහාසයයි…